කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති , නාගරික ඉංජිනේරු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහේසේත්රාත් අධිකරණයෙන් නිකුත් කර තිබු වරෙන්තුව ක්රියාත්මක වීම ලබන 24 වැනිදා තෙක් අත්හිටුවීමට අභියාචනාධිකරණය අද ( 12) තීන්දු කළේය.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනා ගොනු කළ රිට් පෙත්සම් සළකා බලමින් අභියචනාධිකරණය මගින් මෙම නියෝගය ලබා දෙන ලදි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන යුතු විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ලබා දෙන ලදි.
සම්බන්ධිත පුවත්
- කුරුණෑගල නගරාධිපතිගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්
- කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනෙකුට වරෙන්තු නිකුත් කරයි
- කුරුණෑගල නගරාධිපතිට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක්
