Advertise with Giraya
NEWS

මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට

මරණ තර්ජනය කර පුද්ගලයෙකුගෙන් මුදල් ඉල්ලීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

බත්තරමුල්ල වික්‍රමසිංහපුර ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ඉල්ලීමේ සිද්ධියකට සම්බන්ධෙ මාලක සිල්වා තලංගම පොලිසිය අසල දී අද (11) අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ව්‍යාපාරික සදුන් මලින්ද තේනුව නැමැත්තාගෙන් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා මරණීය තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top