Advertise with Giraya
FOREIGN

විරෝධතා මධ්‍යයේ ලෙබනන් රජය ඉල්ලා අස් වෙයි

තෙදිනක් පුරා ලෙබනනය පුරා රජයට එරෙහිව පැවති විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය අඟහරුවාදා දින (අගෝස්තු 4 වැනි දින) ලෙබනනයේ අගනුවර වූ බීරූට් නගරාය් වරාය ආසන්නයේ රජයට අයත් ඇමෝනියම් නයිට්ට්‍රේට් ගබඩාවක සිදු වූ දැවැන්ත පිපිරීමට රජය වගකිව යුතු බව පවසමින් එරට රජයට එරෙහිව ජනතාව විසින් විරෝධතාවයන් සිදු කරන ලදී.

ලෙබනන් පිපිරීම සහ රට මුහුණදී ඇති ආර්ථික අවපාතයන්ට පවතින රජයන් වගකිව යුතු බවත් සිදුවූ මහා විපතේ වගකීම රජය විසින් බාරගත යුතු බවත් එම විරෝධතාකරුවෝ පවසති. විරෝධතා අතරතුර විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම්ද හටගෙන තිබු අතර ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත්විය.

Giraya News Alerts

මේ අතර, බීරූට් වරායේ ගබඩා කර තිබූ ඇමෝනියම් නයිටේ‍්‍රට් තොගය ආරක්ෂාවට තර්ජනයක් බවට ආරක්ෂක අංශ මගින් ලෙබනනයේ ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා හට ඉකුත් මාසයේ දී අනතුරු ඇගවීමක් නිකුත් කර ඇති බවට රහස්‍ය වාර්තා මඟින් මේ වන විට අනාවරණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇතැම් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, අදාළ ඇමෝනියම් නයිටේ‍්‍රට් තොගය පුපුරා ගියහොත්, බීරූට් නුවර විනාශ විය හැකි බවට ද ආරක්ෂක අංශ මගින් කල්තියාම පාලනාධිකාරිය දැනුවත් කර තිබූ බවයි. ඉකුත් ජූලි මස 20 වනදා ද මේ සම්බන්ධයෙන් වන අනතුරු ඇගවීමේ ලිපියක් ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයා හට යොමුකර තිබුණත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිඳු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවත් මේ වන විට අනාවරණ වී ඇත.

එසේම, බීරූට් වරාය තුළ ගබඩා කර තිබූ ඇමෝනියම් නයිටේ‍්‍රට් තොගය පැහැර ගැනීමකට ලක්වුව හොත්, එය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් සඳහා භාවිත කළ හැකි බවට ද ලෙබනනයේ ඉහළ පෙළේ ආරක්ෂක ප‍්‍රධාන්නි විසින් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙන බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්, ලෙබනන් වැසියන්ගේ දැඩි විරෝධතා හමුවේ, මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති හසන් ඩායිබ් තම රජය ඉල්ලා අස්වන බව අද (11) අනාවරණය කළේය. කෙසේවෙතත් නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගන්නා තුරු භාරකාරත්වයේ රැඳී සිටින ලෙස ලෙබනනයේ ජනාධිපති මයිකල් ඕන්, අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් කර තිබුණ ද රට තුළ පවතින මහජන විරෝධතා රැල්ල උත්සන්න වීම හේතුවෙන් අග‍්‍රාමතවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදුවිය.

මේ අතර, ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 200 ඉක්මවන බව බේරුට් ආණ්ඩුකාරවරයා පවසයි. තවත් බොහෝ පිරිසක් අතුරුදන්වී සිටින බවත් ඔවුන්ගෙන් බහුතරය සංක්‍රමණික සේවකයන් බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top