ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (11) දින පෙරවරු 10.00 වන විට 2871ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
ගත වූ පැය 24 තුළ දී නව ආසාදිතයින් 27 දෙනෙකු වාර්තා වි ඇති අතර ඔවුන්ගෙන් 23 දෙනෙකුම සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් වේ. අනෙක් සිව්දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.
ඒ අනුව, අද (11) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 2871 දෙනා අතරින්,
- වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 32
- වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 946
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 630
- වෙනත් – 313
එමෙන්ම, අද (11) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2622 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 238ක් වේ.
ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2871ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 91.3%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (11) දිනයේ දී එය 8.2%ක් ලෙස සටහන් වේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.38%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 174,491ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 2723ක් වූ ප්‍රමාණය ජුලි 17 දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (10) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 1519ක් වේ.
මේ මාසයේ දී වාර්තා වූ ආසාදිතයින් ගණන සහ සුවය ලැබූ ගණන පහතින් දැක්වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (11) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 238 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 18ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 63ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 01 ක් ද,
- ඉරණවිල රෝහලේ 10ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 00ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 27ක් ද,
- යුද හමුදා රෝහල (පනාගොඩ) 03 ක් ද,
- කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 112 වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
- තවත් රෝගීන් සිව් දෙනෙකු රෝහල් වෙත යොමු කරමින් පවතියි.
එමෙන්ම, පුද්ගලයින් 49 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ.
