Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හිමිවන්නේ කාටද? මහින්ද දේශප්‍රියගෙන් පිළිතුරක්

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තවමත් අධ්‍යයනය කරමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ, දෙරණ මාධ්‍ය නාලිකාවේ “බිග් ෆෝකස්” වැඩසටහනට අද (11) පෙරවරුවේ සහභාගී වෙමින් ය.

එමෙන්ම, අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා (08) වන විට ලිපි තුනක් මැතිවරණ කොමිසම වෙත ලැබී තිබුණු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය. පළමු ලිපිය පුජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේගෙන් ලැබූණු බවත් දෙවන ලිපිය අපේ ජන බල පක්ෂයේ සභාපතිගෙන් ලැබූ බවත් ඔහු එහිදි සඳහන් කළේ ය.

“එම ලිපිවල සඳහන්ව තිබුණේ පක්ෂ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ගෙන්ගේ ලිපි වලංගු නොවන බව” යනුවෙන් බව මහින්ද දේශප්‍රිය මහතා හෙළි කළේය.

Giraya News Alerts

එහෙත් මැතිවරණ කොමිසම ට ලැබුණු තෙවැනි ලිපිය ලැබී තිබුණේ අපේ ජන බල පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ගෙන් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේය. කෙසේවෙතත්, එහි මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමි විසින් තමාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තෝරාපත් කරගෙන ඇති බව සඳහන් කෙරෙන ලිපියක් මැතිවරණ කොමිසම වෙත භාරදීම හේතුවෙන් එම පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබුණි.

මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කෙරුණද ඒ බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමේ නෛතික ගැටලු කිහිපයක් මතුව ඇති බව අපේ ජන බල පක්ෂයේ භික්ෂූන් වහන්සේ ඊයේ (10) මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කළහ. පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ ඥානසාර හිමි මන්ත්‍රී ධුරයට තෝරාගත් බවට මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම්දීමේ වගකීම ඇති පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මේ වනවිට අතුරුදන්ව සිටීම ඊට හේතු වී ඇති බවය.

කෙසේවෙතත්, එම පක්ෂයේම සභාපතිවරයා ඇතුළු පිරිසක් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ ලිපිය වලංගු නොවන බවට මැතිවරණ කොමිසමට කරුණු දැක්වූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂයේ සාමාජිකත්වය දරන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව නම් කිරීමට එහි මධ්‍යම කාරක සභාව ඉරිදා (09) තීරණය කළේය.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top