ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ධවල මන්දිරයෙන් පිටත සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් ඉන් පිටතට රැගෙන යාමට එරට රහස් ඔත්තු සේවයේ නිලධාරින් විසින් කටයුතු කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට රහස් ඔත්තු සේවය සඳහන් කරන පරිදි, ධවල මන්දිරයෙන් පිටත ආරක්ෂක නිලධාරියෙක් අසලට පැමිණ තමන් සතුව ගිනි අවියක් තිබෙන බව පවසා ආවේගශීලිව හැසිරී පසුව වේගයෙන් තවත් ආරක්ෂක නිලධාරියෙක් දෙසට දිව ගොස් ඇත. එම අවස්ථාවේදී ධවල මන්දිරයේ සේවයේ නිරතව සිටි රහස් ඔත්තු නිලධාරියෙකු විසින් එම පුද්ගලයාට වෙඩි තබා ඇත. 51 හැවිරිදි මෙම පුද්ගලයාගේ අනන්‍යතාවට තවමත් තහවුරු කර නොමැත.
මෙම සිද්ධිය වන අවස්ථාවේ දී ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වී සිට ඇති අතර ජනාධිපතිවරයා අසලට පැමිණි ඔහුගේ ආරක්ෂක නිලධාරියෙක් සිදුව තිබෙන සිද්ධිය සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරිමක් සිදුකොට ජනාධිපතිවරයාව එම ස්ථානයෙන් කෙටි වෙලාවක් සඳහා පිටතට රැගෙන ගිය බවත් මිනිත්තු 9කට පසු ජනාධිපති ට්‍රම්ප් නැවත මාධ්‍ය හමුවට එක් වී ඇත පසුව මාධ්‍ය වෙත ඔහු කියා සිටියේ ධවල මන්දිරයට ආසන්න මාර්ගයකදී පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් කිරීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට ගෙන ගොස් ඇති බවයි.
“එය ධවල මන්දිරයෙන් පිටත වෙඩි තැබීමක්. තත්ත්වය ඉතා හොඳින් පාලනය කර තිබෙනවා. රෝහලට රැගෙන ගිය පුද්ගලයාගේ තත්ත්වය තමන් නොදන්නා බව” මෙහිදී ජනාධිපති ට්‍ර්ම්ප් වාර්තාකරුවන්ට පවසා ඇත.
