Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන්ට දින තුනක වැඩමුළුවක්

පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත‍්‍රීවරුන්ට දින 03 ක වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල පවසනවා. ඔහු සඳහන් කළේ , එම වැඩමුළුව යටතේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද, පාර්ලිමේන්තුවේ ඉතිහාසය, ස්ථාවර නියෝග සහ මන්ත‍්‍රීවරුන්ගේ වගකීම වැනි කරුණු සම්බන්ධයෙන් නවක මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීම සිදුකෙරෙන බවයි. පළමු පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කළ වහාම එම පුහුණු වැඩමුළුව පැවැත්වීමටයි සැලසුම් කර ඇත.

මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 60 කට අධික සංඛ්‍යාවක් තේරී පත් වූ අතර ජාතික ලැයිස්තුවෙන් ද නවක මන්ත‍්‍රීවරුන් රැසක් දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, මේ වනවිටත් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන නවක මන්ත‍්‍රීවරුන් ගණන 78 ක් වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා සඳහන් කරයි.

පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු තවමත් ඉදිරිපත් කර නොමැති බැවින් නවක මන්ත‍්‍රීවරුන් ගණන තවත් ඉහළ යා හැකි බව ද නියෝජ්‍ය මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top