Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 19ක් ගැසට් කෙරේ

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තෝරා පත් කරගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර මෙලෙස ගැසට් කර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත්, සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂයට අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර මෙතෙක් ගැසට් කර නොමැති බව වාර්තා වේ.

Giraya News Alerts

සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ක් හිමිව ඇති අතර අදාළ මන්ත්‍රී ධුර පත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (10) දිනයේත් සාකච්ඡා පැවතුණ අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් එකගතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව සඳහන්ය.

එමෙන්ම, පොරොන්දු වූ ආකාරයට සමගි ජන බලවේගය තම පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ලබා නොදෙන්නේ නම්, රාවුෆ් හකීම් මහතාගේ රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ තමාගේ පක්ෂයේ මන්ත්‍රිවරු 15 දෙනෙකු සමග ස්වාධීන වන බව මනෝ ගනේෂන් ට්විටර් පණිවඩියක් නිකුත් කර තිබුණි. එම පණිවිඩයේ සඳහන් කර තිබූ පරිදිි තීරණයක් ගැනීමට ලබා දී තිබූ අවසන් දිනය ඊයේ (10) දිනයයි.

ජාතික ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ද මෙතෙක් නම් කිරීමක් සිදුකර නොමැති බව වාර්තා වේ.

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇති අතර එම පක්ෂයේ ලේකම් හිමියන් විසින් සිය නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. එම පත්කිරිම සිදුනොකරන ලෙස අපේ ජනබල පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීම හේතුවෙන් එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ද ගැසට් කිරීම ප්‍රමාද කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top