ශ්‍රී ලංකාවෙන් වාර්තා වි ඇති සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 2871 ලෙස වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, ඊයේ (10) දිනය තුළ දි ආසාදිතයින් 27ක් වාර්තා වීමත් සමඟය.
වාර්තා වූ ආසාදිතයින් 27න් 23ක්ම සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි රැඳවියන් පිරිසක් වේ. අනෙක් සිව්දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
එමෙන්ම, ඊයේ (10) දිනයේ දී තවත් ආසාදිතයින් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මේ වන විට වාර්තා වූ ආසාදිතයින්ගේන 2593 දෙනෙකු සුවය ලබා ඇත.
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 267ක් වේ. තවත් පුද්ගලයින් 70 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටියි.
මේ අතර අද දිනය තුළ යුද්ධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 118ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත් ව යාමට නියමිතව ඇත. එසේම අද (11) දිනය වනවිට පුද්ගලයින් 29,757දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් තිබේ. අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39ක් තුළ 3449 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.
ඊයේ (10) දිනය තුළ පීසීආර් 1310 ක් සිදුකර ඇති අතර, මේ වන විට මෙරට සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 172,972 කි.
