Advertise with Giraya
Gossip

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් මොවුන්ද?

නව රජයේ පත් කිරීමට නියමිත කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් දළ අවබෝධයක් ලබා ගත හැකි කැබිනට් අමාත්‍යධූර සහිත ලැයිස්තුවක් රජයේ ආරංචි මාර්ග හරහා අප වෙත ලැබී තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතේ පවතින අතර කැබිනට් අමාත්‍යංශ 3ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වීමට නියමිත බව වාර්තා වේ. මෙහිදී කථානායකවරයා පත්කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය අප වෙත නිශ්චිත වශයෙන් වාර්තා නොවූ අතර බොහෝ ආරංචි මාර්ග පවසන්නේ කථානායක ධූරයට චමල් රාජපක්ෂ මහතා හෝ මහින්ද යාපා අබේවර්ධන මහතා පත්වන බවයි.

එසේම පළමු වරට පාර්ලිමේන්තු පැමිණි කිසිවෙකුට කැබිනට් අමාත්‍යධූර ලබා නොදීමට රජය තීරණය කර ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව වියත්මග ඇතුළු සංවිධාන සඳහා කැබිනට් අමාත්‍යධූර නොලැබෙනු ඇති බවත් ඔවුන් සියලු දෙනාටම රාජ්‍ය අමාත්‍යංශ ලැබෙනු ඇති බවත් වාර්තා අතර සඳහන් වේ.

Giraya News Alerts

එම ධූරයන් එසේ බෙදී ගියහොත් කැබිනට් අමාත්‍යංශ පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වීමට නියමිතයි.

  1. ආරක්ෂක - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
  2. මුදල්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස - මහින්ද රාජපක්ෂ
  3. අධිකරණ - නිමල් සිරිපාල ද සිල්වා
  4. විදේශ - ජී.එල්. පීරිස්
  5. රාජ්‍ය සේවා පළාත් පාලන හා පළාත් සභා - ජනක බණ්ඩාර තෙන්නකෝන්
  6. අධ්‍යාපන - ඩලස් අලහප්පෙරුම
  7. සෞඛ්‍ය - පවිත්‍රා වන්නිආරච්චි
  8. කම්කරු - දිනේෂ් ගුණවර්ධන
  9. පරිසර - මෛත්‍රීපාල සිරිසේන
  10. වනජීවී හා වන සංරක්ෂණ - එස්.එම්. චන්ද්‍රසේන
  11. කෘෂිකර්ම - චමල් රාජපක්ෂ
  12. වාරිමාර්ග - දයාසිරි ජයසේකර
  13. ඉඩම් - එස්.බී. දිසානායක
  14. ධීවර - ඩග්ලස් දේවානන්ද
  15. වැවිලි - රමේෂ් පතිරණ
  16. ජල සම්පාදන - වාසුදේව නානායක්කාර
  17. විදුලිබල - මහින්ද අමරවීර
  18. බලශක්ති - රෝහිත අබේගුණවර්ධන
  19. වරාය හා නාවික - ජොන්ස්ටන් ප්‍රනාන්දු
  20. මහාමාර්ග - මහින්දානන්ද අලුත්ගමගේ
  21. ප්‍රවාහන - ප්‍රසන්න රණතුංග
  22. තරුණ හා ක්‍රීඩා - නාමල් රාජපක්ෂ
  23. සංචාරක - බන්දුල ගුණවර්ධන
  24. වෙළෙඳ - උදය ගම්මන්පිල
  25. කර්මාන්ත - විමල් වීරවංශ
  26. ජනමාධ්‍ය - කෙහෙළිය රඹුක්වැල්ල

මෙම ලැයිස්තුව දළ අවබෝධයක් ලබා ගැනීම සඳහා පමණි. අවසන් ලැයිස්තුවේ ඇතැම් අමාත්‍යවරුන් වෙනස් විය හැකියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top