කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීමේ අවස්ථාව තහනම් කර තිබුණි. කෙසේ වෙතත්, යළිත් අගෝස්තු 15 වන දින සිට එම තහනම ඉවත් කිරිමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (10) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ය. එමෙන්ම, නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිපදිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ලැබුණු බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
එක් රැඳවියෙකු බැලීම සඳහා අමුත්තෙකුට සතියකට එක් වතාවක් පමණක් ලබාදීමටත් රැගෙන ආ හැක්කේ, දත්බුරුසු, දන්තාලේපන, සබන් ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
