Advertise with Giraya
NEWS

අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40ක්

නව රජයේ අමාත්‍යාංශ ව්‍යුහය අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත වන බවත් ඊට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යූහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිතුමා සම අග්‍රාමාත්‍යතුමා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත් ය.

අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබේ. එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්ය භාරය අනුව සුවිශේෂී ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.

අමාත්‍යාංශ ව්‍යූහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය , යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

එකී ව්‍යූහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇත.

සෑම අමාත්‍යාංශයකහ විෂය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකි යටතේ පැහැදිලි කර තිබේ.

අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 වන බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඬුවේ දී ජනාධිපතිතුමා හමුවේ දිව්රුම් දෙති.

එම අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ. අනෙක් පිට පෙරලීමට වම් පස පහළ බලන්න.

2187-27_S

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top