Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මිල්ලනිය ප්‍රදේශයේ ෆේස්බුක් සාදයක් වටලයි

මිල්ලනිය, බැල්ලන්තුඩාව ප්‍රදේශයේ සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් වටලා පොලීසිය විසින් තරුණ තරුණියන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (09) සවස 4.30ට පමණ බැල්ලන්තුඩාව ප්‍රදේශයේ හෝටලයක මුහුණු පොත මඟින් සංවිධානය කළ මෙම සාදය නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් පවත්වමින් තිබිය දී කළුතර දිසා දුෂණ වැටලීම් ඒකකය විසින් වටලා තිබිණි. එහිදී හෝටල් හිමිකරු, සැකකරුවන් 14 දෙනෙක් හා සැකකාරියන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වූවන් සමඟ හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 3 ක්, කේරල ගංජා ග්‍රෑම් 15 ක් , ඩාන්සින් පෙති 10 ක් ,විදේශීය මත්පැන් බෝතල් 2 ක් පොලිස් භාරයට ගෙන ඇත.

Giraya News Alerts

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අතර අවුරුදු 60, 17, 18, 19, 20, 23 හා 32 යන වයස්වල පසුවන බණ්ඩාරගම, මැල්ලමුල්ල, දෙහිවල, පානදුර, දොඩංගොඩ, වැල්ලන්තුඩාව, යටියන, කඩුවෙල, බොරලැස්ගමුව හා හොරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. සාදයට සහභාගීවුවන් අතර, 17 හැවිරිදි ගැබිනි කාන්තාවක් හා ආබාධිත පුද්ගලයෙක් ද වෙන බව වාර්තා වේ.

මෙම සාදය පැවැත් වීමට සඳහා රුපියල් 5000ක ඇතුළත් වීමේ ගාස්තුවක් ද අය කර ගෙන ඇතැයි තොරතුරු වාර්තා වී තිබේ. සැකකරුවන් සහ සැකකාරියන් අද (10) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මිල්ලනිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top