සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර කඩිනමින් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කරයි.
එමෙන්ම, පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී කණ්ඩායම අද (10) ප්‍රථම වරට රැස් වේ.
කෙසේ වෙතත්, පොරොන්දු වූ ආකාරයට සමගි ජන බලවේගය තම පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ලබා නොදෙන්නේ නම්, රාවුෆ් හකීම් මහතාගේ රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ තමාගේ පක්ෂයේ මන්ත්‍රිවරු 15 දෙනෙකු සමග ස්වාධීන වන බව මනෝ ගනේෂන් මහතා පවසයි.
ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, නිසි තීරණය ගැනීම සඳහා සමගි ජන බලවේගයට අද (10) දිනය දක්වා කල් ලබා දෙන බවයි.
එමෙන්ම, මහ මැතිවරණයෙන් කිසිදු ආසනයක් එක්සත් ජාතික පක්ෂයට හිමි නොවූවත් ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් හිමිවන මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අද (10) දින සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
