Advertise with Giraya
NEWS

පන්ති ගිහින් එන ළමුන් පිරිසක් කැබ් රථයක ගැටෙයි

උපකාරක පන්ති සඳහා සහභාගී වී පාගමනින් ගමන් කරමින් සිටි වයස අවුරුදු 14, 16 වයස්වල පසුවන ළමුන් පිරිසකගේ කැබ් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙන අතර එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (09) සවස 3.20ට පමණ අරලගංවිල බෝගස් හංදිය අසළ දී දෙහිඅත්තකණ්ඩිය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ කැබ් රථයක් මෙලෙස සිසුන්ගේ ගැටී ඇති අතර අනතුරෙන් ළමුන් 11 දෙනෙකු තුවාල ලබා ඉන් ළමුන් 04 දෙනෙකු පොළොන්නරුව රෝහලටද තවත් 07 දෙනෙකු අරලගංවිල රෝහලට ද ඇතුළත් කර තිබෙනවා.

බරපතල තුවාල ලබා සිටි එක් ළමයෙකු අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමේ දී 16 හැවිරිදි එක් සිසුවෙක් මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. එම සිසුවා රත්මලතැන්න ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් වේ.

සිද්ධිය සම්බන්ධයෙක් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අරලගංවිල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top