Advertise with Giraya
NEWS

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු ධූරයට ගලබොඩඅත්තේ හිමිගේ නම යැව්වත් නීතිමය ගැටලුවක්

මෙවර මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂය පවසයි. එමෙන්ම, පක්ෂ මධ්‍යම කාරක සභාවේ සියලු සාමාජිකයින්ගේ අනුමැතිය ඒ සඳහා හිමිව ඇති බව එහි මාධ්‍ය ලේකම් එරන්ද නවරත්න සඳහන් කළා.

එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා සඳහන් කළේ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කිරීමට අදාළ ලිපිය අද (09) මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කළ බවයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයට නම් කිරීමේ දී නීතිමය ගැටළුවක් මතු වුව ද එය විසඳා ගැනීම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බව ද අපේ ජන බල පක්ෂයේ සභාපතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියනගේ කුරුණෑගල නාමයෝජනා ප්‍රතික්ෂේප වීමත් සමග මෙම ගැටලුව පැණ නැගී ඇති බවත් ඒ පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු සිදු කරගෙන යන බවත් ඔහු සඳහන් කළා.

Giraya News Alerts

මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේය. කෙසේවෙතත්, එහි මහලේකම් පූජ්‍ය අස්ගිරියේ විමලවංශ හිමි විසින් තමාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තෝරාපත් කරගෙන ඇති බව සඳහන් කෙරෙන ලිපියක් මැතිවරණ කොමිසම වෙත භාරදීම හේතුවෙන් එම පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබුණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top