පළමු ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට හෙට සිට අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශ සතියේ දින ක්‍රියාත්මක වන්නේ අදියර කිහිපයක් යටතේයි. ඒ අනුව සතියේ දින පහම, පහ ශ්‍රේණියේ සිසුන් පැමිණිය යුතු නමුත්, එකේ සිට හතර ශ්‍රේණිය දක්වා සිසුන් පැමිණිය යුත්තේ සතියකට දින කිහිපයක් පමණයි.
- 1 ශ්‍රේණියේ සිසුන් – සඳුදා දිනයේ
- 2 ශ්‍රේණියේ සිසුන් – අඟහරුවාදා දිනයේ
- 3 ශ්‍රේණියේ සිසුන් – බදාදා දිනයේ
- 4 ශ්‍රේණියේ සිසුන් – බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පාසල්වලට පැමිණිය යුතුය.
මීට අමතරව, සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි ද්විතීයික පාසල්වලට පැමිණිය යුතු ආකාරයද අදියර කිහිපයක් යටතේ සිදුවනවා.ඒ අනුව,
- 6 ශ්‍රේණියේ සිසුන් – සඳුදා දිනයේ ද
- 7 ශ්‍රේණියේ සිසුන් – අඟහරුවාදා දිනයේ ද
- 8 ශ්‍රේණියේ සිසුන් – බදාදා දිනයේ ද
- 9 ශ්‍රේණියේ සිසුන් – බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන් හිදී පාසල්වලට පැමිණිය යුතු වේ.
පවත්නා තත්ත්වය තවදුරටත් පාලනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරන තෙක් මෙය ක්‍රියාත්මකයි. කෙසේ වෙතත්, දහය ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන සියලූම සිසුන් සතියේ දින පහම පාසලට පැමිණිය යුතුයි.
එහෙත් ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල්වල මෙය ක්‍රියාත්මක නොවන අතර, එම පාසල්වල සාමාන්‍ය පරිදි සියලූම ශ්‍රේණිවල සිසුන් පාසලට පැමිණිය යුතු වනවා. හෙට සිට පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලූ දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර, ඔවුුන්ට ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළ කටයුතුවලට අමතරව පැවරුම් පරීක්ෂා කිරීම, සෞඛ්‍ය හා විනය ආරක්ෂණ කටයුතුවල වගකීම්ද පැවරෙනු ඇති.
