Advertise with Giraya
NEWS

වැඩිම මනාපයෙන් ඓතිහාසික ජයක් ලැබූ මහින්ද අගමැති ධූරයේ දිව්රුම් දෙයි

2020 මහමැතිවරණයෙන් වැඩිම මනාප ලබා ගෙන ඓතිසාහාසික ජයක් ලබා ගත් මහින්ද රාජපක්ෂ මහතා අද (09) පෙරවරුවේ කැළණිය රජමහා විහාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍ය ලෙස ධූරයේ දිව්රුම් දෙනු ලැබීය.

නව අග‍්‍රාමාත්‍යවරයා දිව්රුම් දීමේ එම උත්සවයට මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයින්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සභිකයින්, රාජ තාන්ති‍්‍රක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

1945 වසරේ උපත ලැබු මහින්ද රාජපක්ෂ මහතා 1967 දේශපාලනයට පිවිසි අතර 1970 දී මෙරට ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පළමුවරට තේරී පත්වුණි. 2004, 2018 සහ 2019 යන වර්ෂවල අවස්ථා 03කදී මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති අතර අද දින අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ සිව්වන වරටයි.

Giraya News Alerts

2005 වසරේ සිට 2015 දක්වා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කර රට මුදාගැනීමට නායකත්වය ලබාදුන්නේය.‍ 2015 වසරේ දී අනපේක්ෂිත පරාජයක් ලැබුව ද යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් විපක්ෂ නායකවරයෙකු ලෙසත් ජනතා දේශපාලනයට කැපවූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top