කොරෝනා වෛරසය අසාදනය වීම නිසා දින 20 කට වැඩි කාලයක් රෝහල් ගතවී සිටි බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් මුහුණ දුන් අවසන් පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු සුවය ලබා ඇති බව තහවුරු වී තිබේ.
ඉන්දීය සිනමාවේ මහා නළුවා ලෙසින් අදටත් සැලකෙන අමිතාබ් බච්චන්ගේ එකම පුතණුවන් වන අභිෂේක් බොලිවුඩ් නිළි ඓෂ්වර්යා රායිගේ ස්වාමියාද වෙයි.
කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් අභිෂේක් බච්චන් මෙන්ම ඔහුගේ පියා වූ අමිතාබ් බච්චන්ද, බිරිඳ සහ දියණිය වු ඓයිශ්වර්යා රායි බච්චන් සහ ආරධ්‍යා බච්චන් සමඟ මුම්බායි හි නැනාවතී රෝහලට ඇතුළත් වී සිටියහ. එහෙත් දින කිහිපකට පෙර ඓෂ්චර්යා සහ දියණියද පසුව අමිතාබ් බච්චන්ද සුවය ලබා රෝහලෙන් පිටව ගියහ.
