Advertise with Giraya
Gossip

කැබිනට්ටුවට නවකයින් 9ක්?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවැනි අමාත්‍ය මණ්ඩලය අගෝස්තු 14 වන බ්‍රහස්පතින්දා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව “ගිරය” මීට පෙර වාර්තා කළ පරිදිම නව අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් ඇමතිධූර සංඛ්‍යාව 26කට සීමා කිරීමට ගෙන ඇති තීරණය තවදුරටත් වලංගු බව ද වාර්තා වේ.

එසේම දැනට අමාත්‍යධූර දරමින් සිටින සියලු දෙනාට තවදුරටත් අමාත්‍යධූර ලබා දීමට යෝජනා වී ඇති අතර ඔවුන් බොහෝ දෙනෙකුගේ අමාත්‍යධූර වෙනස් වීමට නියමිත බව ද වාර්තා වේ.

මෙහිදී ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය සරත් වීරසේකර, විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි සහ ගෙවිඳු කුමාරතුංග යන පිරිසට කැබිනට් අමාත්‍යධූර ලැබෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම සිය පාර්ලිමේන්තු දිවියේ අඛණ්ඩව තුන්වැනි වරටත් දිස්ත්‍රික් ප්‍රථමයා වී පාර්ලිමේන්තු වරම් ලබන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාට මෙවර කැබිනට් අමාත්‍යධූරයක් ලැබෙනු ඇති බව ද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ පුත්‍රයා වන තවමත් 26 හැවිරිදි වියේ පසුවන ජීවන් තොණ්ඩමාන් මහතාට ද කැබිනට් අමාත්‍යධූරයක් හිමිවනු ඇති බව පැවසේ. ඔහු මෙවර කැබිනට් මණ්ඩලයේ ලාබාලතම සාමාජිකයා වනු ඇත.

දැනට වාර්තා වන තොරතුරු අනුව අමාත්‍යංශ කිහිපයක් සඳහා නම් වී ඇති නවක කැබිනට් අමාත්‍යවරු වීමට නියමිත පිරිස මෙසේය.

  1. අධිකරණ හා බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය – ජනාධිපති නීතිඥ අලි සබ්‍රි
  2. යෞවන කටයුතු හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය – නීතිඥ නාමල් රාජපක්ෂ
  3. සිව් මහනගර හා නාගරික සංවර්ධන අමාත්‍යංශය – විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් වීරසේකර
  4. පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යංශය – නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල
  5. ක්ෂුද්‍ර මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාතංශය – ආචාර්ය නාලක ගොඩහේවා
  6. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාතයංශය – විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල
  7. සංස්කෘතික සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය – ගෙවිඳු කුමාරතුංග
  8. මුදල් අමාත්‍යංශය – අජිත් නිවාඩ් කබ්රාල්
  9. ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය – ජීවන් තොණ්ඩමන්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top