Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

කොරෝනා වලට එරෙහි පළමු එන්නත රුසියාවෙන්

නව කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට සිය රට සමත්ව ඇති බව මෙරට පිහිටි රුසියානු තානාපති කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කර සිටිනවා.

රුසියානු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් ග්‍රිඩ්නෙව් ප්‍රකාශ කරන්නේ, මොස්කව් හි Gamelei මධ්‍යස්ථානයට නව කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ ලොව පළමු එන්නත මෙම මස 12 වෙනිදා ලියාපදිංචි කිරිමට හැකියාව ඇති බවයි.

නිෂ්පාදනය කළ එම එන්නත රටේ සෞඛ්‍ය අංශ නිලධාරින් සහ වැඩිහිටියන් හට පළමුව ලබා දීමට අදහස් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Giraya News Alerts

ලබන ඔක්තෝම්බර් මාසය වන විට රට පුරා එන්නත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියා කරන බවත් ඒ සඳහා වන සියලුම වියදම් රුසියානු රජය දරන බවත් ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ නිවේදනය කර සිටියි.

මෙම එන්නතේ පළමු සායනික පරික්ෂාව ඉකුත් ජුනි මස 18 වැනි දින මොස්කව් සෙකෙනොව් විශ්ව විද්‍යාලයේ දී ආරම්භ කළ අතර ඒ සඳහා ස්වෙච්ජාවෙන් පුද්ගලයින් 38 දෙනෙකු එක්වූ අතර ඔවුන් සියලු දෙනාම වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වර්ධනය කළ බව රුසියානු බලධාරින් සඳහන් කරයි.

කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට රුසියාව සමත්වීම සම්බන්ධයෙන් ලොව බටහිර රටවල් පුදුමයට පත්ව ඇති බවත්, රුසියාව ගතවු 20 වසරක කාලයේදී වෛරස් සම්ප්‍රේෂණය වන ආකාරය සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ අධ්‍යනයක නිරත වීම නිසා මෙහිදී වඩා පහසුවක් ඇති වූ බව ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු වන වඩීම් ටාරසෝව් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top