ඉන්දියාවේ කල්කටාවේ, කැලිකට් ගුවන් තොටුපොළට ගොඩ බෑමේ දී ගුවන් යානයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානය ගොඩබෑමේ දී ගුවන් පථයෙන් ඉවතට ධාවනය වීමෙන් මෙම අනතුර සිදු වී ඇත. පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ගුවන් පථය ලිස්සන සුළු වීම හේතුවෙන් මෙම අනතුර සිදු වීමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවට පැමිණීමට නොහැකිව ඩුබායිහි රැඳී සිටි පුද්ගලයින් 184 දෙනෙකු රැගත් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ පිරිස ද ඇතුළු 190 දෙනෙකු පැමිණ ඇති අතර වාර්තා වන අන්දමට ඉන් 127 දෙනෙකුට පමණ තුවාල සිදු වී ඇති අතර ඔවුන් රෝහල්ගත කර තිබේ.
මිය ගිය පුද්ගලයින් 18 දෙනා අතරට යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ද ඇතුළත් වේ. තුවාල ලබා ඇති පුද්ගලයින්ගෙන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව කේරල පොලීසිය සඳහන් කරයි.
