09 වැනි පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ පිය – පුතු දෙපළවල් කිහිපපොළකටම අවස්ථාව ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදී වැඩිම මනාප ලබා ගත් අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පුත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ජයග්‍රහණය කළ නාමල් රාජපක්ෂ ත් එක් පිය පුතු දෙපළකි.
එමෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයට තරඟ වැදුනු චමල් රාජපක්ෂත්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගත් ඔහුගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂත් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලැබී ඇත.
තවද, මාතලේ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පිය – පුතු දෙපළත් මෙවර මැතිවරණය ජය ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලැබී ඇත.
මිට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදී ජය ගත් දිනේෂ් ගුණවර්ධනත් ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වු ඔහුගේ පුත් යදාමිණි ගුණවර්ධනත් 09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලැබී ඇත.
