Advertise with Giraya
NEWS

ලෙබනනයේ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු රෝහල්වල

ලෙබනනයේ බේරූට් හි සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබෙනවා. ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ පිරිස මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

පසුගිය ඉරිදා (04) ලෙබනනයේ බේරූට් අගනුවර වරායේ ගබඩාවක තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් පිපිරීමෙන් පුද්ගලයින් 135 දෙනෙකු මියගොස් තවත් 4000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. අදාළ පිපිරීමෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ නිවාසවලට ද හානි සිදුව ඇති බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

පිපිරීම හේතුවෙන් බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ තානාපති කාර්යාල නිලධාරින්ගේ නිවාසවලට සුළු හානි සිදුව තිබේ. නමුත් කිසිදු තානාපති කාර්යාල නිලධාරියෙකු තුවාල ලබා නොමැති බව වාර්තා වේ. ලෙබනනගේ ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ජීවත් වේ.

Giraya News Alerts

ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය විවෘතව පවතී.

  • දුරකථන අංකය – +961 5769585
  • විද්‍යුත් තැපැල් ලිපිනය – slemb.beirut@mfa.gov.lk
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top