Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 5යි, සමස්තය 2839ක් වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 2839 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (05) දිනයේ දී තවත් ආසාදිතයින් පස්දෙනෙකු වාර්තා වීමත් සමඟය.

වාර්තා වූ ආසාදිතයින් පස්දෙනාගෙන් එක් අයෙකු චෙන්නායි සිට ද, දෙදෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. එක් ආසාදිතයෙක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකි. අනෙක් ආසාදිතයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකි.

එමෙන්ම, ඊයේ (05) දිනයේ දී තවත් ආසාදිතයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගිය අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන මේ වන විට 2537ක් වේ. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 291කි. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 11කි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top