Advertise with Giraya
NEWS

ඡන්දය ප්‍රකාශ කිරීම ගැන ජනපතිගේ විශේෂ ස්තූතිය !

කොරෝනා අවදානම ලෝකයෙන් තවමත් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයේදී සියයට 71 කට ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පළ කර තිබෙනවා

කොරෝනා අවදානම ලෝකයෙන් තවමත් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ශී‍්‍ර ලංකාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. එබැවින්, ජනතාව අපගේ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් මත තැබූ විශ්වාසය පිළිබද තමා ස්තූතිවන්ත වන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

. කොරෝනා අවදානම මෙන්ම කාලගුණය සහ වෙනත් දේශපාලන පක්‍ෂ ගැටළු මැද සියයට 71 ක ඉක්ම වූ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතයක් වාර්තාවීම, ලොව ඕනෑම තත්ත්වයක් යටතේ සුවිශේෂි අවස්ථාවක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ද ප‍්‍රකාශ කළා.

ඊයේ (05) පැවති ඡන්ද විමසීමේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සියයට 71.10 ප‍්‍රතිශතයක් ගෙන තිබුණා. මැතිවරණය පැවති මැතිවරණ දිස්ති‍්‍රක්ක 17 කම ඡන්දය ප‍්‍රකාශ කිරීම සියයට 70 ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයක්. එම සීමාව ඉක්මවා නොගිය දිස්ති‍්‍රක්ක වන්නේ ගාල්ල, කුරුණෑගල, ගම්පහ, යාපනය, සහ පුත්තලම දිස්ත්‍රික්ක පහයි.

වැඩිම ප‍්‍රතිශතය වූ සියයට 75.74 ක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් වන අතර අඩුම ප‍්‍රතිශතය වූ සියයට 63.87 පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top