Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

නිරෝධායනය වෙමින් සිටියදී ඡන්දය දාන්න ගිය ලංකාපුර ප්‍රා. සභාවේ සභාපති පූනානි යවයි

නිවස තුළ ස්වයං නිරෝධායනය වෙමින් සිටිය දී හොරෙන් ඡන්දය ප්‍රකාශ කළ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස පූනානි නිරෝධායනය වෙත යවා ඇත්තේ ලංකාපුර ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා සහ ඔහු දරුවන් දෙදෙනා බව ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය පවසයි. මොවුන් අද (05) පස්වරුවේ ඡන්දය දමා පැමිණ නිවසට වී සිටියදී පොලිසියට ලැබුණ තොරතුරක් මත පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සමග පැමිණ සභාපතිවරයාගෙන් විමසා සිටියදී ඡන්දය දැමිමට තමන් සහ තම බිරිද ගිය බව පිළිගෙන තිබේ. ඒ අනුව සභාපතිවරයා සහ දරුවන් දෙදෙනා නිරෝධායනය කිරිම සදහා පුණානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව ලංකාපුර ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්තප්‍රිය බණ්ඩාර විජේකොන් මහතා මෙසේ පැවසීය.

Giraya News Alerts

‘කොරෝනා රෝගීන් හමු වුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. නමුත් අපේ සභාවයි ලේකම් කාර්යාලයේ සියලු දෙනාම නිවාසවල නිරෝධායනය වෙන්න කියලා සෞඛ්‍ය අංශ අපව දැනුවත් කළා….නමුත් අද අපේ සභාවේ මන්ත්‍රිවරු සහ කාර්යාලයේ අයයි ලේකම් කාර්යාලයේ අයයි ඡන්දය දාලා. පස්සේ මමයි නෝනයි දෙන්නාත් ගිහින් ඡන්දේ දාලා ආවා. “

“රටේ නීතිය හැමෝටම එකයි නම් මේ කාර්යාල දෙකේ මන්ත්‍රිවරු සහ නිලධාරිනුත් නිරෝධායනය කරන්න . සෞඛ්‍ය නිති සහ රටේ නිති රටේ සියලු දෙනාට එක සමාන විය යුතුයි.“ යයිද සුසන්තප්‍රිය බණ්ඩාර විජේකොන් මහතා පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top