ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (05) දින පස්වරු 4.15 වන විට 2838ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
අද දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වී ඇති අතර ආසාදිතයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (04) දිනයේ දී නව ආසාදිතයින් හය දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් සියළුදෙනාම සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
ඒ අනුව, අද පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 2834 දෙනා අතරින්,
- වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 32
- වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 936
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 603
- වෙනත් – 313
එමෙන්ම, අද (05) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2537 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 286ක් වේ.
ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2838ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 89.52%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (05) දිනයේ දී එය 10.09%ක් ලෙස සටහන් වේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.39%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 166,637ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 2723ක් වූ ප්‍රමාණය ජුලි 17 දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (04) දිනය තුළ දී පී.සී.ආර්. පරීක්ෂණ 1395ක් සිදු කර ඇත.
ජුලි මාසයේ දී සිදු කරන ලද සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 52,526ක් වේ. ජුලි මාසය තුළ දී පමණක් නව ආසාදිතයින් 768 දෙනෙකු වාර්තා වී ඇති අතර ආසාදිතයින් 680 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (05) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 286 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 20ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 45ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 05 ක් ද,
- ඉරණවිල රෝහලේ 10ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 10ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 42ක් ද,
- යුද හමුදා රෝහල (පනාගොඩ) 12 ක් ද,
- කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 142 වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම, පුද්ගලයින් 68 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ.
