2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අද (05) දහවල් 2.00 වන විට දිවයිනේ සමස්ත ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සියයට 45-50 අතර ප්‍රමාණයක් බව මැතිවරණ නිරික්ෂකයින් සඳහන් කරයි.
මාතලේ, මන්නාරම, දිගාමඩුල්ල, නුවරඑළිය, ගාල්ල දිස්ත්‍රික්කයන් හි ප්‍රකාශිත ජන්ද ප්‍රමාණය සීයයට 50 ප්‍රතිශතය ඉක්මවා තිබෙන බව දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරින් සඳහන් කර .
පස්වරු 2 වන විට අවම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල වන අතර වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ නුවරඑළියෙනි.
පස්වරු 2 වන විට ඡන්දය භාවිතා කර ඇති ප්‍රතිශතයන් දිස්ත්‍රික්ක අනුව මෙසේය.
බස්නාහිර පළාත
- කොළඹ දිස්ත්රිත්ය – 51%
- ගම්පහ දිස්ත්‍රික්කය – 53%
- කළුතර දිස්ත්‍රික්කය – 60%
මධ්‍යම පළාත
- මාතලේ දිස්ත්‍රික්කය – 58%
- මහනුවර දිස්ත්‍රික්කය – 55%
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 65%
දකුණු පළාත
- ගාල්ල දිස්ත්‍රික්කය – 55%
- මාතර දිස්ත්‍රික්කය – 54%
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 60%
සබරගමුව පළාත
- කෑගල්ල දිස්ත්‍රික්කය – 55%
- රත්නපුර දිස්ත්‍රික්කය – 56%
වයඹ පළාත
- පුත්තලම දිස්ත්‍රික්කය – 52%
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 49%
ඌව පළාත
- බදුල්ල දිස්ත්‍රික්කය – 50%
- මොණරාගල දිස්ත්‍රික්කය – 56%
උතුරු මැද පළාත
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 50%
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 55%
උතුරු පළාත
- යාපනය දිස්ත්‍රික්කය – 53%
- වන්නි දිස්ත්‍රික්කය – 55%
නැගෙනහිර පළාත
- දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – 55%
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 50%
- මඩකලපුව දිස්ත්‍රික්කය – 55%
