ලෙබනනයේ බීරූට් නගරයේ ඊයේ (04) දිනයේ දී සිදු වූ පිපිරීම හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇති බව මේ වනවිට තොරතුරු ලැබී ඇති බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනී ශානි කරුණාරත්න මහත්මිය පැවසුවේ, ඒ පිළිබඳ තවත් තොරතුරු සොයා බලමින් සිටින බවය. ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ලෙබනනයේ සේවය කරන අතර ඉන් බහුතරයක් ගෘහ සේවිකාවන් ලෙස කටයුතු කරයි. එසේම විදේශ කටයුතු අමාත්‍යාංශය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බව ද ඇය පැවසුවාය.
මේ වනවිට ලෙබනනයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ, ඊයේ සිදු වූ විශාල පිපිරීම හේතුවෙන් ලෙබනනයේ අගනුවර වන බේරූට් නුවර පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් 4,000කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීම හේතුවෙන් ය.
සම්බන්ධිත පුවත්
