Advertise with Giraya
FOREIGN

ලෙබනනයේ පිපිරීමෙන් 78ක් ජීවිතක්ෂයට

ලෙබනනයේ බීරූට් අගනුවර සිදු වූ පිපිරීමෙන් මේ වන විට පුද්ගලයින් 78 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරා ගැනීම සඳහා මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වන අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් සඳහන් කරයි. එමෙන්ම, මේ වන විට තුවාල ලබා ඇති සංඛ්‍යාව 4000ක් පමණ වන බව ද වාර්තා වේ.

පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැති වුවත්, දැනට සිදු කර ඇති මූලික විමර්ශනවලින් ලෙබනනයේ වරාය ආසන්නයේ ඇති ගබඩාවක වසර 6ක් තිස්සේ රජයට අයත් බෝම්බ සහ පොහොර සඳහා යොදා ගන්නා ඇමෝනියම් නයිට්ට්‍රේට් ටොන් 2750ක් නියමිත ආරක්ෂක පියවරයන් අනුගමනය නොකරමින් ගබඩා කර තිබූ ගබඩාවක මෙම පිපිරිම සිදුව ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම ගබඩාවේ ගින්න ඇති වීමට හේතුව සොය බැලීම සඳහා එරට අගමැතිවරයා විසින් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරිමට අදාළ බලධාරීන්ට නියෝග කර ඇති අතර එම විමර්ශනයන්හි ප්‍රතිඵල දින 5ක් ඇතුළත නිකුත් කිරීමට නියමිත වේ.

මීට අමතරව, ලෙබනනයේ බලධාරීන් විසින් මෙය මෙතෙක් ප්‍රහාරයක් සම්බන්ධ දෙයක් බව අඟවා හෝ නොමැති අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවසා ඇත්තේ, ලෙබනනයේ පිපිරීම ‘දරුණු ප්‍රහාරයක්’ විය හැකි බවයි.

“අපි ලෙබනනයේ ජනතාව සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් තිබෙනවා. ඔවුන්ට උපකාර කිරිමට ඉදිරිපත් වන්නෙමු. අපගේ ජේෂ්ඨ හමුදා නිලධාරින් කිහිපදෙනෙකු මුණ ගැසුණා. මෙම ප්‍රහාරය කිසියම් ආකාරයක සාමාන්‍ය ප්‍රහාරයක් බවට නොහැගෙන බවත් එය යම් ප්‍රහාරයක ස්වරූපයක් හැඟවෙන බවට එම හමුදා නිලධාරීන්ගේ අදහස වූ බවයි” ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top