ලෙබනනයේ අගනුවර වන බීරූට් නගරයේ දැවැන්ත පිපිරීමක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බීරෑට් නගරයේ වරාය ආසන්න ප්‍රදේශයක මෙම පිපිරීම සිදුව ඇති අතර පුද්ගලයින් 100කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව එරට සෞඛ්‍ය ඇමති හමාද් හසාන් සඳහන් කරයි. පිපිරීම නිසා ගොඩනැගිලිවලට විශාල හානියක් සිදු වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීම පිළිබඳව සජීවි විකාශයක් පහතින් දැක්වේ.
