Advertise with Giraya
NEWS

බඹර කූඩුවක් නිසා වවුනියාවේ ඡන්ද මධ්‍යස්ථානයක් වෙනස් කරයි

වන්නි මැතිවරණ කොට්ඨාශයේ වව්නියාව අංක – 113 ඊරට්පෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානය වවුනියාව දකුණ ප‍්‍රාදේශීය සභා නිවාඩු නිකේතනය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඊරට්පෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ බැඳ ඇති බඹර කූඩුවක් හේතුවෙන් මෙලෙස එම ඡන්ද මධ්‍යස්ථානය වෙනත් ස්ථානයට මාරු කිරීමට පියවර ගත් බව වන්නි දිස්ති‍්‍රක් මැතිවරණ තේරීම් භාර නිලධාරී එස් එම් සමන් බන්දුලසේන පවසයි.

මේ බව නිලධාරීන් සියලු දෙනා වෙත දැනුම් දී ඇති අතර, ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් එම ඡන්ද මධ්‍යස්ථානයට අදාළ සියලුදෙනා දැනුවත් කළ බව ද තේරීම් භාර නිලධාරීවරයා පැවසීය. අද (04) උදෑසන ග්‍රාම නිලධාරිවරයා විසින් සෑම නිවසක් වෙතම මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දීමක් කර ඇත.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top