Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

මහ මැතිවරණය හේතුවෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද (4) සිට ලබන 8 වැනිදා තෙක් යළි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

මැතිවරණ රාජකාරි සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් අනියුක්ත වීමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ඇතුළු කර ගැනීමේදී ඇතිවිය හැකි බාධා හේතුවෙන් මෙම තීරණය ගත් බව ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසීය.

මැතිවරණයෙන් පසුව ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු ලබන 8 වැනිදා සිට යළි ආරම්භ කරන බව ද අතිරේක ලේකම්වරයා පැවසීය. ඒ අනුව, 8 වැනි දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 600 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට නියමිතය.

Giraya News Alerts

ඊට අමතරව ඕස්ට්‍රේලියාව, සිංගප්පුරුව, කටාර්, ඕමාන්, බහරේන්, මැලේසියාව , මාලදිවයින සහ ඉන්දියාව ඇතුළු රටවල්වල රැදී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top