Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කුඩු ඇද්ද බළලා ඉන්න තැන බන්ධනාගාර නිලධාරීන් සොයා ගනියි

පසුගියදා වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් එවීමට යොදා ගනු ලැබ පසුව අතුරුදහන්ව සිටි බළලා එම පරිශ්‍රය ආසන්නයේ සැරි සරමින් සිටින බව බන්ධනාගාර පරිපාලක චන්දන ඒකනායක ප්‍රකාශ කරයි.

මිට දින කිහිපයකට පෙර බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් මෙම බළලා සිය භාරයට ගෙන තිබුණේ හෙරොයින් ග්‍රෑම් 2 කට ආසන්න ප්‍රමාණයක්, සිම් කාඩ් පත් දෙකක් සහ මෙමරි කාඩ්යක් ඔහුගේ බෙල්ලේ ගැට ගසා තිබිය දී ය.

පසුව මෙම බළලා බොරැල්ල පොලිසියට භාර දීම තෙක් බන්ධනාගාරයේ පිහිටි කාමරයක රඳවා සිටිය දී පෙරේදා (02) සිට අතුරුදහන්ව ඇති බව වාර්තා විය.

Giraya News Alerts

කෙසේ වුවත්, වැලිකඩ බන්ධනාගාරයේ පරිපාලක නිලධාරි චන්දන ඒකනායක තහවුරු කර සිටියේ මෙම බළලා එම පරිශ්‍රය අසල ගැවසෙමින් සිටින බවට නිරීක්ෂණය කළ බවයි

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top