මෙවර මහ මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුදලට ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු බේරුවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු විසින් ඊයේ (03) රාත්‍රී ප්‍රදේශයේ දේවස්ථානයක් අසළ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා රුපියල් 5000ක මුදලට මිලට ගැනීමට උත්සාහ දරමින් සිටි දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් රඳවාගෙන පොලීසියට භාර දී තිබෙනවා.
කෙසේවෙතත්, සෙසු සැකකරුවන් දෙදෙනා පලාගොස් ඇති අතර පළාගිය පුද්ගලයින්ගෙන් එක් අයෙකු අමාත්‍යාංශයක හිටපු ලේකම්වරයෙකු බව සදහන්ය. මෙහිදි සැකකරුවන් පැමිණි මෝටර් රථය ද පොලීසිය භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
