Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පාළුවැව සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ 500ක් පී.සී.ආර්. පරීක්ෂණයට

කොරෝනා වෛරසය ආසාදිත බවට ඊයේ (02) දිනයේ දී තහවුරු වූ සිවිල් ආරක්ෂක භටයා සේවය කළ පාළුවැව සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ 500 දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා අද (03) දිනයේ යොමු කළ බව පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ පැවසුවේ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ සිවිල් ආරක්ෂක භටයා සිය තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා පසුගියදා එම සිවිල් ආරක්‍ෂක බලකා කඳවුරට ගොස් ඇති බවට කරුණු අනාවරණය වීමෙන් පසුව මේ පියවර ගත් බවයි.

ඊට අමතරව, එම සිවිල් ආරක්‍ෂක භටයාගේ ආශ්‍රිතයින් පිළිබඳව සොයා බලමින් ඔවුන් සම්බන්‍ධයෙන් අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් තවදුරටත් ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Giraya News Alerts

එසේම, අද (03) දිනයේ දී එම කොරෝනා ආසාදිත සිවිල් ආරක්ෂක භටයාගේ පස් හැවිරිදි දියණියට ද වෛරසය ආසාදිත බවට තහවුරු විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top