පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා රෝගියෙකු අද (03) හමු වූ බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ සඳහන් කරයි.
එම රෝගියා ඊයේ (02) දිනයේ දී වෛරසය ආසාදිත බවට තහවුරු වූ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරී කල සිවිල් ආරක්ෂක භටයාගේ පස් හැවිරිදි දියණිය බව ද ඔහු සඳහන් කරයි.
ඉන් පසුව ඔහුගේ බිරිඳ සහ දියණිය පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමුකර පොළොන්නරුව මහ රෝහලේ කොවිඩ් -19 සැක කටයුතු අය රඳවා තබන වාට්ටුවක නේවාසිකව සිටි අතර එම පරීක්‍ෂණ වාර්තා වලින් දැරියට කොරෝනා වෛරසය ආසාදිතවී ඇති බව තහවුරු වී ඇති බව වෛද්‍ය කුමාරවංශ ප්‍රකාශ කරයි.
මේ අනුව, ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ වනවිට හමුවී ඇති කොරෝනා රෝගීන් ගණන 12ක් බව ද සෞඛ්‍ය අංශ නිල දත්ත අනාවරණය කරයි. මේ රෝගීන් සියළුම දෙනා සමාජයෙන් හමුවූ රෝගීන් නොව කන්දකාඩු කොරෝනා පොකුරේ දිගුවක් ලෙසට හඳුනාගෙන ඇතැයි ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා වැඩිදුරත් සඳහන් කළේය.
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2824ක් ලෙස වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. අද (03) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ද වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2517ක් ලෙස වාර්තා වේ. දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 296කි.
