මෙවර මහමහමැතිවරණයේ දී 80% ක පමණ ජන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (03) රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
එමෙන්ම, හෙට පෙරවරු 8.00 සිට ජන්ද පොළවල් සඳහා ජන්ද පෙට්ටි නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවත් පරිශ්‍ර 71 ක සිට මෙම ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදු කරන බවත් සභාපතිවරයා එහිදී සඳහන් කළා. ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ද ඡන්ද පෙට්ටි සමඟ අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත වාර්තා කරන අතර ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරින් දෙදෙනෙකු යොදවා තිබෙනවා.
එම අවස්ථාවේදී, අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා දින 14ක නිවෙස් නිරෝධායනයට යොමු කොට සිටින පුද්ගලයින්ට තමන්ගේම වාහනයකින් සවස 4-5 අතර කාලයේදී ජන්ද පොළට පැමිණ ජන්දය ප්‍රකාශ කිරිමට හැකි බවයි.
එවැනි පුද්ගලයින්ට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ජන්ද මධ්‍යස්ථානයේ විශේෂ කුටියක් සකස් කොට ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරියෙකු එම අවස්ථාව සඳහා පමණක් සහකාර මැතිවරණ නිලධාරියෙකු ලෙස එහි සේවයේ යෙදවීමට බලාපොරොත්තුවන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළා.
මේ අතර ස්වයං නිරෝධායනයට යොමු කොට ඇති පුද්ගලයින්ට සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ට ජන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාව හිමි නොවේ. එලෙස, අවස්ථාව අහිමිවන්නේ මේ වන විට ලංකාපුර ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති පවුල් 200 කට ආසන්න පිරිසකට බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළාත
දිවයිනේ සියලුම ජන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරිමේ මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු යොදා ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.
යම් ජන්ද මධ්‍යස්ථානයක ප්රචන්ඩ ක්‍රියාවක් හෝ සාමය කඩ විමේ සිදුවීමක් සිදුවුවහොත් එහි ජන්දය අවලංගු කොට යළි ජන්දය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පසුබට නොවන බවද මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කර සිටියා.
එමෙන්ම, මැතිවරණයට අදාළ පොලිස් ජංගම රාජකාරී අද (03) පස්වරු 06.00 සිට එම කටයුතු ආරම්භ කරන බව පොලීසිය නිවේදනය කළේය. ඒ අනුව, මැතිවරණ රාජකාරිය සඳහා යොදාගන්නා පොලිස් නිලධාරීන් අද (03) අදාළ රාජකාරී ස්ථාන වෙත වාර්තා කළ යුතුව ඇත.
ඔවුන්ට මැතිවරණ නීතිය, වගකීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සැසියක් අද (03) පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කරයි.
මෙවර මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරිම සඳහා අගොස්තු මස 05 වෙනිදා පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන අතර පස්වරු 4 සිට 5 දක්වා කොරෝනා වසංගතය නිසා නිවෙස් නිරෝධායනයට ලක් කොට සිටි පිරිස් සඳහා වෙන් කොට ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.
එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුවක් ජන්ද දායකයින් සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණය සඳහා ජන්දය දැමීමට සුදුසුකම් ලබා ඇත. දිවයිනේ ජන්ද කොට්ඨාශ 12,774ක පිහිටි ජන්ද මධ්‍යස්ථාන 12,985ක හෙට විමසීම පැවැත්වීමට නියමිතව ඇත.
