සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලසන්ත පෙරේරා නොහොත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී ජිවිතක්ෂයට පත්ව ඇති බවට සනාථ වී ඇතැයි කොයිම්බතූර් පොලිසිය අනාවරණය කර ගෙන ඇති බව ‘නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
එරට පොලිසිය සිදුකළ විමර්ශනයේදී හෙළිව ඇත්තේ, අංගොඩ ලොක්කා වසර දෙකකට ආසන්න කාලයක් ආර්. ප්‍රදීප් සිං යන ව්‍යාජ නමකින් ඉන්දියාව තුළ පෙනී හිදිමින් සිට ඇති බවයි. එමෙන්ම, අංගොඩ ලොක්කාගේ මරණය සහ ඔහුට ව්‍යාජ ඉන්දීය හැඳුනුම් පතක් සාදා දීමේ සිද්ධියට ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු තිදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් ජුලි මස 03 වෙනිදා අංගොඩ ලොක්කා නමැති අපරාධකරු කොයිම්බතුර් වෛද්‍ය විද්‍යාලයේ රෝහලට ඇතුලත් කොට ඇත්තේ හෘදයාබාධයක් ඇතිවී ඔහු නිවසේදී එක් වරම සිහිමුර්ජාවී ඇද වැටුණු බව පවසමින්ය. මෙහිදී එක් කාන්තාවක් රෝහල් බලධාරින්ට සඳහන් කර ඇත්තේ ඔහු තමාගේ ඥාතියෙකු බවයි.
රෝගී තත්ත්වය හේතුවෙන් මියගිය අංගොඩ ලොක්කා ගේ දේහය ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කොට රෝහලෙන් නිදහස් කර ගෙන ඇති මෙම පිරිස පසුව මදුරෙයි හිදී ඔහුගේ දේහය ආදාහනය කොට ඇති බව ද කොයිම්බතුර් පොලිසිය අනාවරණය කර ගෙන ඇත.
අංගොඩ ලොක්කා නම් සංවිධානාත්මක අපරාධකරු ඉන්දියාවේදී මියගොස් ඇති බවට ලද බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය තමිල්නාඩු පොලිසියෙන් සිදුකළ දැනුම් දීමක් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කොට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
මියගිය අංගොඩ ලොක්කාගේ සිරුරේ කොටස් පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලබාගෙන ඇති අතර එම කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කොට ඇති බවත් මෙය සත්‍ය ලෙසම හෘදයාබාධයකින් සිදුවූ මරණයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් සැකහැර දැන ගත හැක්කේ එම වාර්තා ලැබීමෙන් පසුව බව ද කොයිම්බතුර් පොලිසිය සඳහන් කරයි.
අංගොඩ ලොක්කා මීට වසර 03 කට පමණ පෙර ඉන්දියාවට පැමිණ ඇති අතර ඔහු කොයිම්බතුර් හි පිහිටි චේරන් මාන්ගර් හි කුලී නිවසක ජිවත්ව ඇති බවට හෙළිව ඇත.
අංගොඩ ලොක්කා ඉන්දියාවේ ආහාර සැපයීමේ ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගොස් ඇති බවත් ඉකුත් මාර්තු මාසයේදී ඔහුගේ පෙම්වතිය බව කියන ලාංකික දෙමළ තරුණියද එරටට ගෙන්වාගෙන ඇය සමග ජිවත්ව සිට ඇති බව ද සිදුකළ විමර්ශන වලදී හෙළිව තිබේ.
සම්බන්ධිත පුවත්
