Advertise with Giraya
ENTERTAINMENT

කොරෝනා වැළඳුන අමිතාබ් බච්චන්ට සුවයි

පසුගිය ජුලි මස 11 වන දින කොවිඩ් – 19 වෛරසය වැළඳී රෝහල්ගත කෙරුණු බොලිවුඩයේ දැවැන්ත නළුවෙකු වන අමිතාබ් බච්චන් සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. 77 හැවිරිදි ඔහු තමන් වෙනුවෙන් කැප වූ සෞඛ්‍ය අංශවලටත්, තමාට සුවය පැතූ සියලුම දෙනාටත් ස්තූතිය පළ කළ බවට විදෙස් වාර්තාවල දැක්වේ.

බච්චන් පවුලේ පිය – පුතු දෙපළට ජුලි 11 වන දින වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ අතර පසුව අමිතාබ් බච්චන්ගේ ලේලිය වන ආශ්චර්යා රායි සහ ඇගේ දියණියටත් වෛරසය වැළඳී ඇති බවට තහවුරු විය. ඔවුන් දෙදෙනා ද පසුගිය ජුලි මස 27 වන දින සුවය ලබා නිවස වෙත ගිය බව වාර්තා විය.

කෙසේ වෙතත්, තවමත් අභිෂේක් බච්චන් හට පූර්ණ සුවය ලබා නොමැති අතර ඔහු රෝහල්ගතව පසු වන බව වාර්තා වේ.

Giraya News Alerts

මේ අතර ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ 52,000 කට අධික COVID-19 ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිතන් සංඛ්‍යාව ලක්ෂ 18කට අධික ය. 38,000 දහසකට අධික පිරිසක් ඉන් මරණයට පත්ව තිබේ.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top