මෙවර මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු ඊයේ (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණි. ඒ අනුව, මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස 05 වනදා දක්වා කාලය නිහඬ කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම කාලය තුළ ප්රචාරක කටයුතු හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.
නිහඬ කාලය තුළ මැතිවරණ නීති කඩකරන ඕනෑම පුද්ගලයෙක් හෝ කණ්ඩායමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.
එමෙන්ම, කිසිදු බියකින් හෝ සැකයකින් තොරව අගෝස්තු මස 05වනදා ඡන්ද පොළට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනතාවට දැනුම් දෙයි.
