Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 8යි, සමස්තය 2823 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 2823ක් ලෙස වාර්තා වේ. ඊයේ (02) දිනය තුළ දී නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇත.

වාර්තා වූ ආසාදිතයින්ගෙන් එක් අයෙක් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වාර්තා වූ ආසාදිතයාගේ සමීපතමයෙක් ලෙස හඳුනාගත් සිවිල් ආරක්ෂක භටයෙක් වේ. අනෙක් ආසාදිතයින් 7 දෙනාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

එමෙන්ම, ඊයේ (02) දිනයේ දී තවත් ආසාදිතයින් 75 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. මේ වන විට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2514 දෙනෙකු සුවය ලබා ඇත. ඒ අනුව, දැනට ලංකාවෙන් වාර්තා වන්නේ සක්‍රීය ආසාදිතයින් 298ක් පමණි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top