Advertise with Giraya
NEWS

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගනියි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2817ක් ලෙස ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (02) පස්වරු 5.30 වන විට තවත් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟයි.

වාර්තා වූ නව ආසාදිතයින් දෙදෙනාගෙන් එක් අයෙක් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයාගේ සමීපතමයෙකු ලෙස හඳුනාගත් සිවිල් ආරක්ෂක භටයෙකු බව වාර්තා වේ. වාර්තා වූ අනෙක් කොවිඩ් ආසාදිතයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයෙකි.

එමෙන්ම, අද (02) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 75 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ රෝගීන්ගෙන් 2514 දෙනෙකු සුවය ලබා ඇත.

Giraya News Alerts

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 292ක් වේ. තවත් පුද්ගලයින් 45 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top