Advertise with Giraya
BUSINESS

මෙරට අපනයන ආදායමේ වාර්තාගත ඉහළ යෑමක්

වත්මන් රජය බලයට පත් වූ පසු විදේශයන්ගෙන් ආනයනය කළ බොහෝ භාණ්ඩ ආනයනය කිරීම නවතා දැමූ අතර, එම භාණ්ඩ ශ්‍රී ලංකාවේදි නිෂ්පාදනය කිරීම දිරිමත් කරන ලදි. මීට අමතරව විදේශයන්ගෙන් ආනයනය කරන ලද ආහාර භෝග සදහාද බදු පනවා එම භෝග මෙරට වගා කිරීම ද දිරිමත් කරන ලදි.

ඒ අනුව, ශ්‍රී ලංකාවට 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු ඉතිහාසයේ පළමු වතාවට 2020 ජූනි මාසයේ දී මෙරට අපනයන ආදායම, ආනයන වියදම ඉක්මවා ගොස් තිබේ. එමෙන්ම, පසුගිය වසර පසුගිය 2020 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,060 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය පසුගිය 2020 ජූනි මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 1,020ක අපනයන ආදායම ද ඉක්මවා යාමක් වන අතර ම කොරෝනා වසංගත තත්ත්වය මැද වූවද 2019 ජූලි මාසයේ දී ලබා ඇති ඩොලර් මිලියන 999ක අපනයන ආදායම් අගයයන් ඉක්මවා තිබීමේ තත්ත්වයකි.

Giraya News Alerts

ඒ අනුව ජූලි මාසයේ අපනයන ආදායම මාසික පදනම මත 3.92% කින් හා වාර්ෂික පදනම මත 6.10% කින් වර්ධනය වී තිබේ. තවද 2020 වසරෙ මුල් මාස 07 තුළ මේ අනුව ශ්‍රී ලංකාව උපයා ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 5,747ක් දක්වා ඉහළ ගොස් තිබේ .

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top