Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

දින 11කට පසු අනුරුද්ධ සම්පායෝ එළියට එයි

දැනට වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ දින 11කට පසු කුරුණෑගල නගරයේදී මීගමුවේ පොලීසියේ විමර්ශන කණ්ඩායමකට භාරවීමෙන් පසුව අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට පහසුකම් සැපයීම මොහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවයි.

ඔහු ඇතුළු හතරදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය මස 22 වන දිනයි. ඒ අනුව වරෙන්තු ලැබූ නිලධාරීන් තුන්දෙනෙකු මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබූ අතර ඔවුන් තිදෙනා දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top