මොරටුව නගරාධිපති ලෙස කටයුතු කළ සමන්ලාල් ප්‍රනාන්දු වෙත අද (02) ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඇසිඩ් ප්‍රහාරයෙක් ඔහුට හානියක් සිදු වී නොමැති අතර මෝටර් රථයකට එම ඇසිඩ් ප්‍රහාරය වැදී තිබෙනවා.
මොරටුව සති පොළ අසළ පැවැති රැස්වීමක් සඳහා ගොස් සිටියදී ඔහු මෙම සිද්ධියට මුහුණ දී ඇති අතර මොරටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. ඔහු මෙවර කොළඹ දිස්ත්‍රික් මහමැතිවරණ අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටියි.


