කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාරයෙන් පළාගොස් තිබෙන බව වාර්තා වේ.
මෙම රැඳවියන් තිදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන් තිදෙනෙකු වන බවත් නිරෝධායන කටයුතු සඳහා කළුතර බන්ධනාගාරයේ වෙනම ස්ථානයක රඳවා සිටිය දී මෙලෙස අද (02) අලුයම පළාගොස් ඇති බවත් වාර්තා වේ.
පසුව බන්ධනාගාර නිලධාරීන් සහ පොලීසිය විසින් සිදුකළ වැටලීමක දී පළාගිය එක් රැඳවියෙකු කළුතර නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන අතර අනෙක් රැඳවියන් දෙදෙනා සොයා කළුතර උතුර පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.
