Advertise with Giraya
NEWS

කොරෝනා ආසාදිත මව බිහිකළ දරුවාට වෛරසය ආසාදිත වී නොමැති බව තහවුරු වෙයි

පසුගිය සිකුරාදා දිනයේ දී ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට කොවිඩ් ආසාදිත මවක් විසින් දරුවෙකු බිහි කළේය. කෙසේ වෙතත්, කොවිඩ් ආසාදිත මව විසින් බිහිකළ එම දරුවාට වෛරසය ආසාදනය වී නොමැති බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දී සිදු කළ මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සාමාජිකයින් 35 දෙනකු සහභාගි වීම විශේෂත්වයකි.

ඩුබායිහි සිට පසුගිය 10 වැනි දා මෙරටට පැමිණි මෙම ගර්භනී මව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර එහිදී කළ පී.සී.ආර් පරීක්ෂණයේ දී ඇයට කොවිඩ්- 19 වෛසරය ආසාදනය වී ඇති බවට පසුගිය 21 වැනි දා තහවුරු වී තිබේ.

Giraya News Alerts

පසුව වෛද්‍යවරුන් විසින් ඇයව කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් වෙනුවෙන් ස්ථාපිත නැගෙනහිර කොළඹ මුලික රෝහලේ විශේෂ ඒකකය වෙත යොමුකර තිබේ.

පසුගිය 23 වැනිදා මෙම ඒකකයට ඇතුළත් කළ ඇය සිකුරාදා (31) පස්වරුවේ ප්‍රසූත වේදනාවෙන් සිටින බවට වෛද්‍යවරුන් නිරීක්ෂණය කර තිබුණි. ඇය කොවිඩ් ආසාදිතයෙකුවීම නිසා මෙම දරු ප්‍රසූතිය ප්‍රවේශමෙන් කළ යුතු විය.මවගේ විෂබීජ පරිසරයට මුසුවීම වැළැක්වීම එහිදී වෛද්‍යවරුන් මුහුණදුන් ප්‍රධාන අභියෝගයකි. එබැවින් මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 35 දෙනකු එක් වී තිබේ. ක්ෂුද්‍රජීවී වෛද්‍යවරුන්ද ඊට එක්ව සිටීම විශේෂත්වයකි. ඒ අනුව, කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින ගැබිණි මවක් මෙරට දී දරුවකු බිහිකළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

පසුව, නිරෝගී තත්ත්වයේ සිටියද දරුවාගේ ජෛව සාම්පල කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි. කෙසේවෙතත්, එම දරුවාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නැති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top