තහනම් භාණ්ඩ ගෙලේ ගැට ගසා සිටි කොළඹ මැගසින් බන්ධනාගාර පරිශ‍්‍රයේදී බන්ධනාගාර නිලධාරීන් භාරයට ගත්, බළලා වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලීසියට භාර දෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි.
බේස්ලයින් මාර්ගයේ මැගසින් බන්ධනාගාර පිවිසුම් දොරටුව ආසන්නයේ දි බන්ධනාගාර බුද්ධි නිලධාරීන් විසින් එම බළලා අල්ලාගෙන තිබුණේ ඊයේ (01) දිනයේ දී ය.
එම බළලාගේ ගෙලෙහි බැඳ තිබූ කුඩා පාර්සලයක තිබී හෙරොයින් ග‍්‍රෑම් 1.7 ක්, සිම්කාඞ්පත් 02 ක් සහ මෙමරි කාඞ්පතක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගන්නා ලදී.
වැලිකඩ බන්ධනාගාරයට පිටතින් තහනම් භාණ්ඩ විසි කරන පුද්ගලයන් කිහිප දෙනෙකු ඉකුත් සති කිහිපය ඇතුළත බොරැල්ල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඊට විකල්පයක් ලෙස තහනම් භාණ්ඩ බන්ධනාගාරය තුළට රැගෙන යාම සඳහා මෙලෙස බළලෙකු යොදා ගන්නට ඇති බවට අනුමාන කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
මේ අතර මත්ද්‍රව්‍ය රැගෙන යාමට යොදා ගත් බව කියන උකුස්සකු ද පසුගියදා (30) අතුරුගිරිය පොලිසිය විසින් සිය භාරයට ගෙන දෙහිවල සත්වෝද්‍යානයට භාර දීමට පියවර ගැනුණා.
